රාජ සභාව කැඩූ කුරුණෑගල නගරාධිපතිට වසර 3ක සිර දඬුවම්

කුරුණෑගල ඓතිහාසික බුවනෙකබා රජ කල ඉදි කළ රාජ සභා මණ්ඩපය ඩෝසර් කර විනාශ කළ බවට වූ චෝදනාව පිළිගත් කුරුණෑගල හිටපු නගරාධිපති ඇතුළු 5 දෙනෙකුට වසර 3 බැගින් සිරදඬුවම් නියම කර තිබෙනවා. ඒ කුරුණෑගල මහාධිකරණය විසින්.

එයට අමතරව රුපියල් එක්කෝටි තිස්හය ලක්ෂයක වන්දියක් රුපියල් දෙලක්ෂ පනස් දහසක දඩයක්ද නියම කරනු ලැබුවා.

දඩ සහ බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම වූයේ කුරුණෑගල නගර සභාවේ හිටපු නගරාධිපති තුෂාර සංජිත් විතාරණ , හිටපු නාගරික කොමසාරිස් ප්‍රදීප් තිලකරත්න, හිටපු නාගරික ඉංජිනේරු චමිත් බණ්ඩාර අධිකාරි, කුරුණෑගල නගර සභාවේ වැඩ පරික්ෂක අයි.සුල්තිකාර් සහ බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු ලක්ෂ්මන් ප්‍රියන්ත යන පස් දෙනාටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles