තිස් එක් වසරකට ඉහත දී රජයේ හමුදාවට චෝදනා වූ සමුහ මිනිස් සංහාරයකින් ඝාතනය වූ හතලිහකට ආසන්න දෙමළ පිරිසක් නැගෙනහිර දී අනුස්මරණය කර තිබෙනවා.
ඒ 1992 වසරේ මඩකළපුව, කිරාන් ප්ාදේශිය ලේකම් කොට්ඨාසයේ මයිලන්දනේ සමුහ ඝාතනයේ දී මියගිය අයයි. ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිලේ පුජාවක් පැවැත්වීමෙන් අනතුරුව මල්, පහන් දල්වා මිය ගිය පිරිස අනුස්මරණය කිරීමට ඔවුන්ගේ පවුල්වල ඥාතීන් කටයුතු කර තිබෙනවා.
රණසිංහ ප්‍රේමදාස ආණ්ඩු සමයේ සිදු කළ මෙම සමුහ සංහාරයෙන් කුඩා දරුවන්, ගැබිණි මව්වරු ඇතුළු 39 දෙනකු කපා කොටා මරා දැමු අතර තුවාල ලැබූ තවත් 34 දෙනකු දිවි ගළවා ගැනීමට සමත් වී තිබුණා.
ඝාතනය ගැන මඩකලපුවේ උසාවියේදී ලබා දුන් 30 දෙනකුගේ සාක්ෂි සටහන් ද සමගින් කොළඹ අධිකරණය වෙත විමර්ශන මාරු කර පසුව පැවැත්වුණු නඩු විභාගයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ 2007 දෙසැම්බර් 27 වැනිදා සැකකාර හමුදා සෙබළුන් 18 දෙනා නිදහස් කෙරුණා. ඒ මරා දැමුවන්ගේ ඥාතීන්ගේ, ගම්වැසියන්ගේ හා මානව හිමිකම් ක්‍රියාධාරීන්ගේ බලවත් විරෝධය මැද.
වසර තිස් එකක් ගතවීත් යුක්තිය පතන මයිලන්දනේ ගම්වාසින් කියා සිටින්නේ මෙම ූරි සභා තීන්දුව ඔවුන් පිළිනොගන්නා බවත් මෙම සංහාරයට මැදිවූ සියලු දෙනා වෙනුවෙන් නැවතත් එම නඩුව විභාගයට ගන්නා ලෙසයි.
මේ බව සඳහන් කරමින් පසුගිය වසරේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් සංදේශයක් බාර දීමට වින්දිත පවුල්වල සාමාජිකයන් කටයුතු කර තිබුණත් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කිසිදු පියවරක් නොගත් බවයි එම ජනතාව පවසන්නේ