“ත්‍රස්තවාදීන්ට දෙන සමාව රණවිරුවන්ට කෝ?”

එල්.ටී.ටී.ඊ සාමාජිකයින් පමණක් නොව සිරගතව සිටින ආරක්ෂක අංශ සාමාජිකයින්ටත් ජනාධිපති සමාව ලබාදී දිය යුතු බව පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ඒ් මගින් පසුගිය සමයේ සිදු වූ එම යුදමය පරිච්ඡේදය අවසන් කළ හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ජීවිත විශාල ප්‍රමාණයක් අහිමි කරමින්, 200කට වඩා වැඩි සංඛ්‍යාවක් තුවාළකරුවන් වූ මහ බැංකුව බෝම්බ සිද්ධියට වැරදිකරු වී දඬුවම් ලබමින් සිටි එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදියකුට ජනාධිපති සමාව ලබා දීමට හැකි නම් එම ආකාරයටම යම් චෝදනා ලබා සිටින රණවිරුවන්ටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමාව දිය යුතු බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.

මේ බව ඔහු සදහන් කළේ නඩු කටයුත්තක් සඳහා අධිකරණයට පැමිණ සිටියදී.

එසේම එක් පාර්ශවයකට පමණක් සමාව නොදී සිරගත කර ඇති රණවිරුවන් වෙනුවෙන් ද ජනාධිපතිවරයා විසින් සමාව දිය යුතු හොඳම වේලාව මේ මොහොත බව ද ඔහු කියා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles