ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද දිනයේ තාවකාලික කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට නියමිතව තිබෙනවා.
එහිදී අමාත්‍යවරුන් 4 දෙනෙකු පත් කර ඔවුන් අතර අමාත්‍ය ධුර 15ක් බෙදා දීමට සූදානම් කර ඇති බවයි සඳහන් වන්නේ.
ඒ අනුව නිල නොවන වාර්තා පවසන්නේ ජනාධිපතිවරයා විසින් සංචාරක, ආරක්ෂක, මුදල්, අධිකරණ, කර්මාන්ත සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශ තබා ගනු ඇති බවයි.
තවද නව අගමැතිවරයා විදේශ කටයුතු, අධ්‍යාපන සහ ජනමාධ්‍ය අමාත්‍ය ධුරද දරනු ඇතැයි සඳහන්.
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය විසින් අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට නියමිත යයි පැවසෙන අතර විජිත හේරත් සහ ලක්ෂ්මන් නිපුණ ආරච්චි මන්ත්‍රීවරුන් අමාත්‍යවරුන් ලෙස පත් කෙරෙනු ඇත.