ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශය, Channel 4 වීඩියෝව හරහා එල්ල කරන ලද අසත්‍ය චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යාංශය මේ බව සඳහන් කර තිබෙනවා.
ආරක්ෂක අමාත්‍යාංශය ඕනෑම පුද්ගලයෙකුගේ හෝ ආයතනයක අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ගරු කරන අතර ගවේෂණාත්මක මාධ්‍යවේදී කාර්යයේ වැදගත්කම තහවුරු කරන බව ප්‍රකාශ කළ යුතු බව අදාළ නිවේදනයේ සඳහන් වනවා.
එමෙන්ම Channel 4 නාලිකාව මගින් ඉදිරිපත් කරන ලද පදනම් විරහිත, ද්වේශ සහගත සහ දුර්වල ලෙස සනාථ කරන ලද ප්‍රකාශයන්ගෙන් පැන නඟින ඕනෑම අනපේක්ෂිත ක්‍රියාවක් හෝ ප්‍රතිවිපාකයක් සඳහා Channel 4 නිසැකවම වගකිව යුතු බවයි ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ.
මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය පහතින්,