අවුරුදු නැකැත් ආරෝව ගැන අමාත්‍යංශය ක්‍රියාමාර්ග ගනී

රාජ්‍ය නැකැත් කමිටුව විසින් ඉදිරිපත් කර තිබෙන අලුත් අවුරුදු නැකැත් සීට්ටුව නිවැරැදි බව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව මෙවර සිංහල අවුරුදු නැකැත් චාරිත්‍ර ඒ අනුව ඉටු කළ යුතු බවයි අමාත්‍යංශය පෙන්වා දෙන්නේ.

නැකැත් සීට්ටුව වැරදි බවට සමාජ මාධ්‍ය හරහා විරෝධතා දක්වන ඇතැම් පිරිස්, රාජ්‍ය නැකැත් කමිටුව විසින් සම්පාදිත නැකැත් සීට්ටුව අනුමත කර, අත්සන් ලේඛනයේ අත්සන් තබා ඇතැයි ද අමාත්‍යංශ ලේකම් සෝමරත්න විදානපතිරණ පවසනවා.

ඒ කෙසේ නමුත් අදාළ නැකැත් කමිටුව විසින් සකස් කරන ලද මෙම නැකැත් සීට්ටුව නිවැරැදි බව දක්වමින් බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම්වරයාගේ අත්සනින් යුතු ලිපියක් ද ජනාධිපති ලේකම්වරයා වෙත ඊයේ (25) යොමු කර තිබෙනවා.

අවුරුදු නැකැත් සීට්ටුව සම්බන්ධයෙන් ඇති වී තිබෙන මත ගැටුම පිළිබඳව අමාත්‍ය විදුර වික්‍රමනායක මෙම නැකැත් කමිටුව නැවත රැස් කර විමසූ අවස්ථාවේදී ද අදාළ නැකැත් නියම ශාස්ත්‍රානුකූලව නිවැරැදිව සකසා ඇති බව ඔවුන් විසින් නැවතත් තහවුරු කර ඇති බවයි සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles