අතුරුදන් වූ විදෙස් යුවතිය සොයා ගනී

මෙරට සංචාරයක යෙදී සිටියදී පසුගිය බදාදා (26) අතුරුදන් වූ 25 හැවිරිදි ඊශ්‍රායෙල් තරුණිය සොයා ගැනීමට හැකි වී තිබෙනවා.

පොලිසිය, යුද හමුදාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, උප්පුවේලි ප්‍රාදේශීය සභාව සහ නැගෙනහිර පළාත් සංචාරක කාර්යාංශය එක්ව සිදු කළ ප්‍රයත්නයකින් පසුව ඇය සොයාගත් බවයි සඳහන් වන්නේ.

Tamar Amitai නම් මේ තරුණිය ඇය නවතැන්ගෙන සිටි හෝටලයට කිලෝමීටර් කිහිපයක් දුරින් පිහිටි සල්ලිකෝවිල් නම් පෙදෙසේ සිටියදීයි සොයාගෙන ඇත්තේ.

කෙසේ වෙතත්, මේ සිදුවීම සම්බන්ධයෙන් තවමත් විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතින අතර පසුව විධිමත් තොරතුරු වාර්තා වනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles