ශ්‍රීපාදස්ථානය වන්දනා කිරීම සඳහා පැමිණෙන පිරිස් වාර්තාගත අන්දමින් ඉහළ ගොස් තිබෙනවා. පසුගිය දා එහි තදබදයක් පවා ඇති වුණේ ඒ හේතුවෙන්.
කෙසේ වෙතත්, මෙලෙස පැමිණෙන පිරිස් බැහැර කළ ප්ලාස්ටික් බෝතල් මේ මාස තුන තුළ පමණක් ටොන් 3ක් පමණ එකතු කළ බව මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා පවසනවා.
කසල බහාලන ස්ථානගත කර තිබුණද බොහෝ පිරිස් ඉවක් බවක් නැතිව කසල බැහැර කරන බවද ඔහු කියා සිටියා.