අධික වැස්සෙන් කඳු කඩා වැටිලා

අද දවස පුරා දිවයිනේ ප්‍රදේශ ගණනාවකට ඇදහැළුණු වර්ෂාවෙන් ප්‍රදේශ රැසක පහත්බිම් යට වී තිබෙනවා. ඒ අතර කොළඹ-බදුල්ල මාර්ගයේ බොරගල හපුතලේ අතර උඩ විහාරගල ප්‍රදේශයේ ගල් පර්වත කීපයක් සමග පස් කන්දක් පෙරළී එක් මං තීරුවකට වැඩි කොටසක් අවහිර වී තිබෙනවා. තවදුරටත් ගල් පෙරළී මාර්ගය අවහිර වීමේ අනතුර මතුව ඇතැයි වාර්තා වෙනවා.

මේ වන විට දිස්ත්‍රික්ක පහක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13ක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, හපුතලේ මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර, උඩුනුවර, කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල, දෙහිඹ්විට, ගලිගමුව, වරකාපොල, කෑගල්ල කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ, රත්නපුර සහ ඉඹුල්පේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන් සඳහා පළමු මට්ටමේ විමසිල්මත්වීමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මහවැසි ඇද හැළුණු කොළඹ ස්ථාන ගණනාවක්ද ජලයෙන් යටවී තිබුණු බව වාර්ත වුණා.

දඹුල්ල ප්‍රදේශයටද මහවැසි ඇද හැළුණු බවයි පැවසුණේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles