ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා මහාධිකරණය හමුවට කැඳවයි

ගල්කිස්ස මහේස්ත්‍රාත් කෝසල සේනාධීරට කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබෙනවා.

ඒ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩුවක නඩු ගොනුවක් අස්ථානගත වීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි.

මෙම නඩුව පවරා ඇති බව කියැවෙන්නේ, ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජික වෙලේ සුදා නම් අයගේ බාල සොහොයුරාට එරෙහිවයි. ඒ මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු රිය අනතුරකට ලක් කර මරා දැමීමට එරෙහිව පවරා ඇති නඩුවක් බවයි වාර්තා වන්නේ.

මෙම විත්තිකරුට එරෙහිව පවරා ඇති නඩුවට අදාළ ගොනුවක් මෙලෙස අතුරුදහන්ව ඇති බව ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා පසුගිය 13 වැනි දින මහාධිකරණයට දන්වා තිබෙනවා.

ඒ්‍ හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට අදාළ ලිපිගොනු බවයි සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles