ජෙරොම්ට මුදල් දුන් 18,000කගේ නම් හෙළි වෙයි

නුවන් හෙට්ටිආරච්චි

ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයාගේ දේශන ශාලාවක් ඉදි කිරීමට මුදල් සැපයු පුද්ගලයන් 18,000 කගේ නාම ලේඛනයක් හෙළිවී තිබෙනවා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට.

එහි නම සඳහන් ඇතැම් රාජ්‍ය නිලධාරීන් තමන්ට ආණ්ඩුවෙන් ලැබුණ වාහන බලපත්‍ර විකුණා ඒ මුදල් සියල්ලක්ම මේ සඳහා පූජා කර තිබෙනවා.

එසේ මෙම පුද්ගලයින් මුදල් ලබා දී ඇත්තේ කටුනායක ගුවන්තොටුපොළ ආසන්නයේ පිහිටි ‘මිරැකල් ඩෝම්’ නම් දේශන ශාලාව ඉදි කිරීමට.

මෙම ජෙරොම්ගේ අනුගාමිකයන් අතර ඉහළ පුටුවල සිටින රාජ්‍ය නිලධාරීන් ද රැසක් සිටිනවා.

දේවගැති ජෙරොම් සම්බන්ධයෙන් කෙ‍ෙරන විමර්ශනවලට අදාළව පුද්ගලයන් 50 දෙනකුගෙන් පොලිසීය මේ වන විට ප්‍රශ්න කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles