ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරය තොවිල් නටා විරෝධය පළ කරයි

විදුලිබල, ටෙලිකොම්, රක්ෂණ, තැපැල්, දුම්රිය බැංකු, ගුවන් තොටුපළ ඇතුළු ආයතන රැසක් පෞද්ගලිකරණයට, විදුලිබල මණ්ඩලයේ සේවකයන්ගේ වැඩ තහනම් කිරීමට සහ වෘත්තිය සමිති මර්දනයට එරෙහිව ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරය, වෘත්තිය සමිති ඒකාබද්ධ කරමින් අද (21) උද්ඝෝෂණයක් පවත්වනු ලැබුවා.

අද දහවල් 12ට කොළඹ කොටුව ලේක්හවුස් වටරවුමේදී මෙය ආරම්භ කර ඇති අතර තොවිලයක් පැවැත්වීම හා පඹයන් ගිනිතැබීමටද වෘත්තිය සමිති නායකයන් විසින් සිදු කර ඇති බවයි සඳහන් වන්නේ.

ජනාධිපතිවරයාට හෝ වත්මන් ආණ්ඩුවට පෞද්ගලිකකරණය සඳහා කිසිදු අයිතියක් නොමැති බව අවධාරණය කරමින් ජනතාවගේ කිසිදු අනුදැනුමකින් තොරව සිදුකරන අත්තනෝමතික පෞද්ගලිකකරණ ක්‍රියාවලිය නතර කරන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලෙසත් බල කිරීම සඳහා ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරය විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබෙනවා.

ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරය පෞද්ගලිකකරණයට මුහුණදෙන ක්ෂේත්‍ර ගණනාවක වෘත්තිය සමිති 40කට වැඩි ප්‍රමාණයක් මේ සඳහා එකතු වී ඇති බවටයි සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles