නාවික හමුදා මුරපොළක් ඉදිකිරීම සඳහා වඩමාරච්චි ප්‍රදේශයේ දෙමළ ජනයාට අයත් පෞද්ගලික ඉඩමක් අත්පත් කරගැනීමට උත්සහ කර තිබෙනවා.
නමුත් එම උත්සහය දෙමළ දේශපාලනඥයන්ගේ සහ ඉඩම් හිමියන්ගේ විරෝධය හමුවේ අසාර්ථක වු බවයි සඳහන් වෙන්නේ.
වඩමාරච්චි නැගෙනහිර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කට්ටෙයිකාඩු ගම්මානයේ පුද්ගලයෙකුට අයත් පර්චස් 140ක පමණ භුමියකින් පර්චස් 15ක පමණ ප්‍රමාණයක් නාවික හමුදාව විසින් අත්පත් කර ගැනීමටයි උත්සහ කර තිබෙන්නේ.
එම ඉඩම මැන වෙන් කර ගැනීමට ඊයේ (25) මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ ඔවුන් පැමිණි පසු ඊට ප්‍රදේශයේ දේශපාලනඥයන්ගේ සහ ඉඩම් හිමියන්ගේ බලවත් විරෝධය හමුවේ මැනීම් කටයුතුකිරීමට ඉඩ නොදීම නිසා මෙම ඉඩම අත්පත් කර ගැනීමට නොහැකි වී තිබෙනවා.
දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් හා දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් ඊට මැදිහත් වීම නිසා මෙම ඉඩම් අයිතිකරුවන්ට ලැබුණ බවයි සඳහන් වෙන්නේ.
කෙසේ වූව ද නාවික හමුදා මුරපොල ඉදිකිරීම සඳහා සිය ඉඩම් ලබා දීම ප්‍රතික්ෂේප කරන බව ඉඩම් හිමියා ලිඛිතවම මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ලබා දුන් බවයි වාර්තාකරු ලංකාලයින් වෙත සඳහන් කළේ.
දෙමළ ජනයාට අයත් පෞද්ගලික ඉඩම් හමුදා කදවුරු පුළුල් කර ගැනිම සදහා බලහත්කාරයෙන් අත්පත්කර ගැනීමේ උත්සාහයන් නිතර සිදු වන බවයි උතුර සහ නැගෙනහිරින් සිවිල් වැසියන් පවසන්නේ.