මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ඇප තැන්පත් කළ අපේක්ෂකයින් සංඛ්‍යාව 22 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂ 11ක් , ස්වාධීන අපේක්ෂකයන් 10 දෙනෙක් සහ වෙනත් දේශපාලන පක්ෂයක් දැනටමත් ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ.
ජනාධිපතිවරණයට අදාළ ඇප මුදල් තැන්පත් කිරීමේ කාලය ලබන 14 වෙනිදා දහවල් 12.00න් අවසන් වීමට නියමිතයි.