පසුගිය දින කිහිපය තුළ දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුවූ විවිධ ආපදාවලින් පුද්ගලයින් 17 දෙනෙක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ මාතර දිස්ත්‍රික්කයෙන් මරණ 06ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් මරණ 05ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් මරණ 03ක්, ගාල්ල දිස්ත්‍රිකයෙන් මරණ 02ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් එක් මරණයක් වාර්තා වූ බවයි.
ඊයේ (03) දිනය වන විට දිස්ත්‍රික්ක 08ක පවුල් 21,353කට අයත් පුද්ගලයින් 84,749 දෙනෙකු අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින බව සඳහන්.
මේ අතර නිල්වලා ගඟ ද්‍රෝණියේ මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පවතින ගංවතුර ආරක්ෂණ බැම්ම උතුරා යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
මේ හේතුවෙන් මාලිම්බඩ, තිහගොඩ, මාතර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ගම්මාන රැසක් ගංවතුර අවදානමට ලක්ව තිබෙනවා.
ඊට අමතරව කැලණි, කළු, ගිං යන ගංගා ද තවදුරටත් පිටාර ගලමින් පවතින අතර අත්තනගලු ඔය ද පිටාර ගලමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.