“යුක්තියෙන්” ඇල්ලූ සැකකරුවන් ගණන ලක්ෂය පනියි

මහජන ආරක්ෂක අමාත්‍යංශය සහ පොලීසිය ක්‍රියාත්මක කරන යුක්තිය මෙහෙයුම ආරම්භයේ සිට මේ දක්වා සැකකරුවන් 111,074 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතරින් සැකකරුවන් 4,472ක් ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග යටතේ රඳවා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පවසනවා.

යුක්තිය මෙහෙයුම යටතේ සිදු කළ වැටලීම්වලින් හෙරොයින් කිලෝග්‍රෑම් 41ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 43ක්, මත්පෙති ලක්ෂ 03ක් සහ රුපියල් මිලියන 1,500 ක නීතිවිරෝධී වත්කම් පොලිස් භාරයට ඇති බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles