ආධුනික කොස්තාපල්වරියට අතවර කළ බව කියන OIC තවදුරටත් රිමාන්ඩ්

කල්පිටිය පොලිස් ස්ථානයේ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා මාර්තු මස 13 වන දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබෙනවා.

ආධුනික පොලිස් කොස්තාපල්වරියකට අතවර කිරීමේ චෝදනාව යටතේ සැකකාර හිටපු ස්ථානාධිපතිවරයා මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.

පැමිණිලි පාර්ශ්වයට තර්ජනය කිරීම සහ බලපෑම් කිරීමේ චෝදනාව හේතුවෙන් වින්දිතයින් ආරක්ෂා කිරීමේ පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව පුත්තලම මහෙස්ත්‍රාත් අයෝමා විමලරත්න විනිසුරුවරිය මෙම නියෝගය ලබා දී තිබෙනවා.

සැකකාර හිටපු ස්ථානාධිපති එම නඩුව කැඳවූ පෙබරවාරි මස 12 වනදා අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහු වෙනුවෙන් නීතිඥ නියෝජනයක් නොතිබීමද විශේෂත්වයකි.

ඊට පසුදින සැකකාර හිටපු ස්ථානාධිපති මෝසමක් මාර්ගයෙන් අධිකරණය හමුවේ පෙනී සිටි අතර එහිදී ඔහුව රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප මත මුදාහැර ඇති බවයි සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles