එකම ශල්‍ය වෛද්‍යවරයා නික්මෙයි: දෙහිඅත්තකණ්ඩිය අසරණයි

දෙහිඅත්තකණ්ඩිය රෝහලේ එකම ශල්‍ය වෛද්‍යවරයා රටෙන් පිටව යාම නිසා මහත් අපහසුතාව පත්ව ඇතැයි වාර්තා වෙනවා.

ඒ හේතුවෙන් සියලුම ශල්‍යකර්ම ඇනහිට ඇති අතර රෝගීන් දැඩි අසරණ තත්ත්වයකට පත්ව තිබෙනවා. මේ පිළිබඳව රෝහල් අධ්‍යක්ෂවරයා බලධාරීන්ට දැනුම් දී ඇතත් ඒ ගැන මේ දක්වා පියවරක් ගෙන ඇත්තේ නැහැ.

හදිසි සැත්කම් ඇතුළුව මේ වන විට සැත්කම් 50ක් පමණ නවතා දමන්නට සිදුව තිබෙන බවයි වාර්තා වන්නේ.

පොළොන්නරුව රෝහල ඇතුළු අවට රෝහල් වෙත රෝගීන් යොමු කළද එම රෝහල්වල පවතින තදබදය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ නිසා වහාම පියවර ගෙන මෙම බරපතළ තත්ත්වයට පිළියම් යොදන ලෙස රෝහල් අධ්‍යක්ෂවරයා බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles