වනජීවිය ඇල්ලූ විදෙස් පක්ෂීන් ගැන අධිකරණය දුන් නියෝගය

නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කළ බවට චෝදනා කරමින් වනජීවී දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබූ විවිධ වර්ගයේ පක්ෂීන් හා පක්ෂීන්ගේ බිත්තර එම පක්ෂීන් ආනයනය කළ හිමිකරුට ලබාදෙන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

අදාළ පක්ෂීන් විදේශයක සිට ආනයනය කළ පුද්ගලයා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සළකාබැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය විසින් මෙම නියෝගය ලබාදුන් බව සඳහන්.

මෙහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම පක්ෂීන් නීතිවිරෝධී ලෙස ආනයනය කළ සතුන් නොවන අතර අදාළ පුද්ගලයා සුරතල් සතුන් අලෙවි කරන ස්ථානයකින් මිලදීගෙන ඒවා මෙරටට රැගෙනවිත් ඇති බවයි.

මෙම පක්ෂීන් සත්ත්ව උද්‍යානයේ රඳවා තැබුවහොත් ඔවුන්ට අවශ්‍ය ආහාර මෙන්ම පහසුකම් නිසි පරිදි නොලැබීයාමෙන් ඔවුන් මරණයට පත්වීමේ අනතුරක් පවතින බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එබැවින් එම පක්ෂීන් ඔවුන් රැගෙන හා හිමිකරු වෙත මුදාහරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ අභියාචනාධිකරණය අනතුරුව මෙම නියෝගය ලබාදුන් බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles