වැඩි කරන ලද විදුලි බිලට එරෙහිව සංවිධානය කර තිබූ විරෝධතා පා ගමනක් අතුරතුර එහි සංවිධායකයන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මීරිගම ප්‍රදේශයෙන් කොළඹ පාරේ මෙම විරෝධතා පාගමන සංවිධානය කර තිබුණේ විදුලි පාරිභෝගිකයන්ගේ සංගමයයි. මෙම සංගමයේ ලේකම් සංජීව ධම්මික සහ තවත් සිව් දෙනෙක් අත්අඩංගුවට ගැනීමටයි පොලිසිය කටයුතු කර තිබෙන්නේ. කොළඹ – දිවුලපිටිය ප්‍රධාන මාර්ගයේ හොරගස්මුල්ල ප්‍රදේශයේ මේ නිසා ඇතිව තිබූ මාර්ග අවහිරයද මේ වන විට ඉවත්ව ඇත්තේ, පොලිසිය මැදිහත්ව විරෝධතාව විසුරුවා හැරීම නිසාවෙන්.