වසර 5ක් තුළ පලස්තීන රාජ්‍යය පිහිටුවිය යුතු යි: ජනපති රනිල්

ගාසා තීරයේ ගැටුම් පිළිබඳ ශ්‍රී ලංකාවේ ස්ථාවරය කිසි විටෙකත් වෙනස් නොවෙන බවත්, වසර 5ක් තුළ පලස්තීන රාජ්‍යය පිහිටුවිය යුතු ය යන ස්ථාවරයේ ශ්‍රී ලංකාව සිටින බවත් ජනපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ගාසා තීරයේ විපතට පත් ජනතාව වෙනුවෙන් නව කාත්තන්කුඩි ග්‍රෑන්ඩ් ජුම්මා මුස්ලිම් පල්ලියේ ඊයේ (23) සංවිධානය කර තිබූ විශේෂ යාඥා මෙහෙයට එක් වෙමින්.

ගාසා හි ළමා අරමුදලට (Children of Gaza Fund) වෙත එම පල්ලිය විසින් රුපියල් 10769417.00ක මුදලක් ලබා දෙනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles