මාතර නව දිස්ත්‍රික් මහ රෝහලේ දී මියගිය බව කියන බිලිඳාගේ දේහය බවට රෝහල් කාර්යමණ්ඩලය තමන්ට පෙන්වූ මළසිරුර සිය දරුවාගේ නොවන බවට බිලිඳාගේ මව්පියන් චෝදනා කරනවා.
ඒ අනුව, බිලිඳාගේ සිරුර පිළිබඳ ඇතිවූ සැකය මත DNA පරීක්ෂණයක් සිදුකළ යුතු බවට මව්පියන් රෝහල් බලධාරීන්ට දන්වා තිබෙන අතර ඒ සඳහා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය ලැබුණ ද රෝහලේ අධ්යක්ෂවරයා ඊට විරෝධය පළ කර ඇතැයි වාර්තා වෙනවා.
මාතර වැලිගම පදිංචි 24 හැවිරිදි කාවින්ද්‍යා මදුෂානි නැමැත්තිය පසුගිය 22 වෙනිදා සිය කුළුඳුල් දරු ප්‍රසූතිය සඳහාය මාතර නව දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් වී තිබුණා.
නමුත් ප්රසූතියේදිම බිලිඳා මියගොස් ඇති බව රෝහල් බලධාරීන් ඇයට දැනුම් දී තිබුණු අතර බිලිඳාගේ දේහය පියාට හෝ නොපෙන්වා මිහිදන් කිරීම ගැන ඥාතීන් රෝහල් කාර්යමණ්ඩලයෙන් ප්‍රශ්න කළ විට ඔවුන් පවසා තිබුණේ දේහය කොළඹ ජාතික රෝහලට රැගෙන ගිය බවය.
පසුව මෘත ශරීරාගාරයේ තිබී බිලිඳෙකුගේ මෘත දේහයක් රෝහල් කාර්යමණ්ඩලය මව්පියන්ට ඊයේ (27) පස්වරුවේ පෙන්වා ඇති නමුත් ඒ තම දරුවා නොවන බව ඔවුන් පවසනවා.