දින 16ක් පුරා ප්රංශයේ පැරිස් නුවර පැවති 33වැනි ඔලිම්පික් උලෙළ අද (12) අලුයම අවසන් වුණා.
රටවල් 206ක් නියෝජනය කරමින් තරඟකරුවන් 10,714ක් උරෙන් උර ගැටුණු මෙවර ඔලිම්පික් උලෙළේ අවසන් මෙහොතේ පදක්කම් සටහනේ පෙරමුණ ගන්නට අමෙරිකාව සමත් වී තිබෙනවා.
ඒ එතෙක් පදක්කම් සටහනේ පෙරමුණ ගෙන සිටි චීනය දෙවැනි ස්ථානය ඇද දමමින්.
අමෙරිකාව රන් පදක්කම් 40ක් රිදී පදක්කම් 44ක් සහ ලෝකඩ පදක්කම් 42ක් ඇතුළුව සමස්ත පදක්කම් 126ක් දිනා ගත් බව සඳහන්.
දෙවන ස්ථානය දිනාගත් චීනය රන් පදක්කම් 40ක් රිදී පදක්කම් 27ක් සහ ලෝකඩ පදක්කම් 24ක් ඇතුළුව සමස්ත පදක්කම් 91ක් දිනා ගෙන ඇති අතර තුන්වැනි ස්ථානයේ ලබාගෙන ඇත්තේ ජපානයයි.