රාගම නගරයේ ප්‍රසිද්ධ රන් භාණ්ඩ උගස් ගන්නා ස්ථානයකින් රුපියල් කෝටි එකහමාරක පමණ වටිනා භාණ්ඩ මංකොල්ල කා පළ ගිය බවට පසුගිය දා පුවතක් වාර්තා වුණා. එහිදී එම ආයතනයේ හිමිකාරිය ඒ බව පවසා රාගම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.
කෙසේ වෙතත්, දැන් හෙළි වී ඇත්තේ එය හිමිකාරිය ඇතුළු අයගේ සැලැසුමකට අනුව කළ ව්‍යාජ පැමිණිල්ලක් බවයි. මේ හේතුවෙන් එම ව්‍යාපාරයේ හිමිකාරිය, සහ තවත් දෙදෙනෙක් රාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ පිරිස විසින් මෙම ස්ථානයේ විවිධ පිරිස් උගස් තැබූ රන් භාණ්ඩ සැලසුම්සහගතව එක් අයෙකුගේ වත්තක වල දමා තිබියදී පොලිසිය විසින් සොයා ගනු ලැබුවා.
වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වෙනවා.