ඡන්ද කල් දාන්න බෑ, ජනතාව බලා ඉන්නෙ පොහොට්ටුව දිනවන්න : මහින්ද

ජනතාව මැතිවරණයක් එනතුරු බලා සිටින බවත් ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරවීම පිණිස බවත් එම පක්ෂයේ නායක හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සඳහන් කරනවා.

ඔහු මේ බව කියා සිටියේ බදුල්ලේදී මාධ්‍ය අමතමින්.

“දැන් රටේ ජනතාවගේ විශාල බලාපොරොත්තුවක් තිබෙනවා පොහොට්ටුව ගැන. ලන්සලා කඩාගෙන ගියාට අපිට කිසිම අඩුවක් වෙලා නැහැ. අපි දැන් එදාට වඩා අද ශක්තිමත්. ව්‍යවස්ථානුකූලව මැතිවරණය කල් දාන්න බැහැ. මම හිතන්නෙ නැහැ එක්සත් ජාතික පක්ෂය එතරම් මෝඩකමක් කරයි කියලා .

එහෙම වැඩක් එක්සත් ජාතික පක්ෂය කළොත් ඒ එම පක්ෂයේ අවසානයයි. අපේ ජනපති අපේක්ෂකයා ගැන දැන්ම මොනවත් කියන්නෙ නැහැ. නිසි කලට එය අපි කියන්නම්.ජනතාව දැන් බලාගෙන ඉන්නෙ පොහොට්ටුව දිනවන්නට.නැතිව වෙන මොන පක්ෂ ගැනවත් නොවේ.”

යනුවෙන් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles