රොක් අහන්න රොක් වූ පිරිසට වෙඩි තබා බෝම්බ ගහලා: 60ක් මරුට

රුසියාවේ මොස්කව් හි අගනුවර ආසන්නයේ පිහිටි රඟහලකට ත්‍රස්ත ප්‍රහාරයක් එල් වී ඇති බව විදේස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ වනවිට පුද්ගලයින් 60දෙනෙකු මිය ගොස් තවත් 100කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.

මෙම ප්‍රහාරය අයි.එස්. සංවිධානය විසින් බාරගත් බවද සඳහන් කරනවා.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ හමුදා සාමාජිකයින්ට සමාන ඇඳුමින් සැරසුණු ප්‍රහාරකයින් සිව්දෙනෙකු ප්‍රසංගයක් පැවති අදාළ ගොඩනැගිල්ලට කඩා වැදී වෙඩි තබා, අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි.

රුසියාවේ මොස්කව් නගරය ආසන්නයේ ක්‍රස්නොගෝර්ස්ක්හි පිහිටි රංග ශාලාවක රොක් සංගීත කණ්ඩායමක් පවත්වන සංගීත සංදර්ශනයක් ආරම්භ වීමට මොහොතක් තිබිය දී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

විනාඩි 15 ක් හෝ 20 ක් කාලයක් ප්‍රහාරය සිදුකර ඇති බවත් ආසන 6,200කින් සමන්විත රංග ශාලාව තුළ ජනතාවගෙන් පිරී පැවති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

තුවාල ලැබූවන් අතර කුඩා ළමුන් ද සිටින අතර රුසියානු විදේශ අමාත්‍යාංශය “මෙම ත්‍රස්ත ප්‍රහාරය” හෙළා දකින බව සඳහන් කරනවා.

මේ වන විට රුසියාවේ මොස්කව්හි ආරක්ෂාව තරකර ඇති අතර, එක්සත් ජනපද තානාපති කාර්යාලය එක්සත් ජනපද පුරවැසියන්ට විශාල රැස්වීම්වලින් වළකින ලෙස අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

ප්‍රහාරය සඳහා පැමිණි තුවක්කුකරුවන් පසුව සුදු පැහැති මෝටර් රථයකින් පළාගොස් ඇති බවයි සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles