රටේ ආර්ථිකය පිළිබඳ සත්‍ය අවබෝධ කර නොගෙන බලය ගැනීමට දුන් දේශපාලන පොරොන්දු නිසා ජනතාවට දැඩි පීඩා විඳින්නට සිදු වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
එම වරද කරන්නට තමා සූදානම් නැතැයි කී ජනාධිපතිවරයා සත්‍යයට මුහුණ දෙමින් රටට සුබවාදී අනාගතයක් ගොඩනගා ගැනීමට සියලුදෙනා කටයුතු කළයුතු බව පවසනවා.
“යුනයිටඩ් යූත් තරුණ එකමුතුව “ තරුණ අපේ අනාගතය” නමින් සංවිධානය කළ සුහද හමුවට එක්වෙමිනි ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටින්නේ රටේ ආර්ථිකය ගොඩනැගීමේදී කඩිනමින් අපනයන ආර්ථිකයකට යොමු විය යුතු බවයි.