මූල්‍ය සමාගම් කඩාවැටීම නිසාවෙන් ජනතාව අසරණභාවයට පත් වන බවත් ඊට ශ්‍රී ලංකා මහ බැංකුවේ ක්රියාදාමයද බලපා ඇති බවත් අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසනවා.
එසේම මෙම ප්‍රශ්නයට පවතින නීතිය තුළ සාධාරණය ඉටු කිරීම අපහසු බවත් ඔහු සඳහන් කළා. ඒ අද (08) පාර්ලිමෙන්තුවේ දී.
එහි දී අධිකරණ අමාත්‍යවරයා මෙසේද සඳහන් කළා.
“ඇතැම් මූල්‍ය සමාගම් කඩා වැටීම නිසා විශාල පිරිසකට අසාධාරණකම් සිදුවෙලා තියෙනවා. මේක පසුගිය වසර 20 පුරාම සිදුවුණා. ජනතාව මෙහෙම අසාධාරණයට ලක්වීමට මහ බැංකුවේ ක්‍රියාදාමයක් බලපෑවා. මහ බැංකුව මේ සමාගම් ලියාපදිංචි ඒව කියල වාර්තාවක් ඉදිරිපත් කර ජනතාවට විශ්වාසයක් දෙනවා. එතකොට ජනතාව ඒවායේ මුදල් තැන්පත් කරනවා. එහෙම තැන්පත් කරලා ඒ ආයතන කඩා වැටුණම මුදල් ලැබෙන්නේ නැහැ. මේකට විසඳුමක් දෙන්න මමත් උත්සහ කළා. දැන් තියෙන නීති ක්‍රමය තුළ සාධාරණය ඉෂ්ට කරන්න අමාරුයි. නඩු ගිහිල්ලා මුදල් අය කරගන්න ක්‍රියාදාමය හරි දීර්ඝයි. මේකට නිවැරදි ක්‍රමයක් පාර්ලිමේන්තුව සකස් කළ යුතුයි. අවුරුදු දහයක් පහළොවක් උසාවිවල රස්තියාදු වුවත් තැන්පත්කරුවන්ට සාධාරණය ඉෂ්ට වෙන්නේ නැහැ. දේපළ අත්පත් කරගෙන ඒවා වෙන්දේසි කර ජනතාවට බෙදා දෙන ක්‍රමවේදයක් ඇති කරන්න ඕන.”