2024 වර්ෂයේ ජනවාරි මස සිට 18% දක්වා ඉහළ දැමූ වැට් බද්ද නිසාවෙන් විදුලි සංදේශ සේවා සඳහා වන බදු ද ඉහළ නැංවෙන බව දුරකතන සමාගම් පවසනවා.
පෙර පැවති 15% ක් වූ බද්ද 18%ක් වූ පසු 3%කින් ඉහළ නැංවෙන අතර සියලු ඇමතුම් ගාස්තු, අන්තර්ජාල සේවා ගාස්තු, කේබල් රූපවාහිනී ගාස්තු ආදී සියලු සේවා සඳහා අයකෙරෙන ගාස්තු ඉහළ යාමට නියමිත වෙනවා.
සමහර පෙර ගෙවුම් කාඩ්පත් මිල වැඩ නොකර ලබා දෙන ඩේටා කෝටාව අඩු කිරීමට සමාගම් තීරණය කර ඇති බවද සඳහන් වුණා.