පිල්ලෙයාන් කණ්ඩායම අත තවම ගිනි අවි – ඊරෝස් හෙළිදරව්වක්

නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක පිල්ලෙයාන්ගේ කණ්ඩායම සතුව නීති විරෝධී ආයුධ තොගයක් පවතින බවත් ඒවා සොයා දීමට හැකි බවත් ඊළාම් විප්ලවීය ශිෂ්‍ය සංගමයේ (ඊරෝස්) නායක ආර්. ප්‍රභා පවසා තිබෙනවා.

පිල්ලෙයාන්ලා සතුව පමණක් නොව, නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක බව කියන අල්ෆතා, අබුජියාද්, ජියාද් යන කණ්ඩායම් සතුවද නීතිවිරෝධී ආයුධ ඇති බවයි ඔහු පවසන්නේ.

තම කණ්ඩායමට පිස්තෝල 10ක් රජයෙන් සපයන්නේ නම් ඒවා සොයා දිය හැකි බවට ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පොතක් ලියා ඇති බවත්, පිල්ලෙයාන්ගේ තොරතුරු දැන් හෙළිවෙමින් පවතින බවත් පවසන ප්‍රභා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට පිල්ලෙයාන්ගේ සම්බන්ධයක් ඇති බව හෙළිව ඇතැයි පවසනවා. ජෝසප් පරරාජසිංහම් මන්ත්‍රීවරයා ඝාතනය සම්බන්ධයෙන් සැකපිට මඩකලපු බන්ධනාගාරගතව සිටි පිල්ලෙයාන් සහරාන්ගේ ඥාතීන් ඇසුරු කළැයි පිළිගෙන තිබෙන්නේ යැයි ප්‍රභා අවධාරණය කරනවා.

නැගෙනහිර පළාතේ ජනතාව කන්න බොන්න නැතුව නියඟයෙන් පීඩා විඳිද්දී නායකයන් කියාගන්නා අය සුරසැප විඳින බවද ඊරෝස් නායකයා ප්‍රකාශ කළා.

(මව්බිම පුවත්පත ඇසුරෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles