වතු සේවකයෝ හෙට සිට සටනක

තම දෛනික වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා වතු සේවකයින් හෙට (22) සිට වර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර ති‌බෙනවා.

එම වැඩ වර්ජනයට දමිළ ප්‍රගතිශීලි සන්ධානය පුර්ණ සහයෝගය ලබාදෙන බව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් පැවසුවා.

වතු සේවකයින් ගේ දෛනික වැටුප රු 1,700 දක්වා වැඩි කරන ලෙසට ජනාධිපතිවරයා විසින් තේ වතු සමාගම්වලට උපදෙස් ලබා දී තිබිය දී එම වැටුප ලබාදිමට වතු සමාගම් එකඟතාවය පළ නොකිරිමට විරෝධය පළ කරමින් වැඩවර්ජනය සිදුකරන බව ඔහු සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles