ජාතික වාර්තා 9ක් තැබූ ක්‍රීඩිකාව ඩුබායි රටේ ගෘහසේවයේ!

රිටි පැනීමේ ක්‍රීඩාවෙන් නව ජාතික වාර්තා 9ක් තැබූ මෙරට දක්ෂතම ක්‍රීඩිකාවක් ක්‍රීඩාව අතහැර ඩුබායි රටේ ගෘහසේවිකාවක් ලෙස රැකියාවක් සඳහා පිටත්ව ගොස් තිබෙනවා.

ඈ නමින් සචිනි කෞෂල්‍යා පෙරේරා ය. යුද හමුදා සහ ආරක්ෂක සේවා රිටි පැනීමේ ඉහළම උස වාර්තාව තවමත් ඈ සතු වෙනවා. කෙසේ වෙතත් තම ක්‍රීඩාවට මෙන්ම ජීවිතයට සෙවනැල්ල වූ මවගේ රෝගී තත්වය සහ නොයෙකුත් ආර්ථික ගැටලු මැද ඇයට තෝරා ගැනීමට සිදු වූයේ මැදපෙරදිග ගෘහසේවිකාවක් බවට පත් වීම බවයි පැවසෙන්නේ. ඈ පුවත්පතකට පවසා තිබුණු කරුණු අනුව ඇය බලධාරීන්ගෙන් ඉල්ලා තිබණේ ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවක් හෝ තරඟාවලි සහභාගිත්වයක් පමණක් බව කියන ඇය තවදුරටත් ලංකාවේ සිය ඉසව්වෙන් තමනට තරඟයක් නොතිබූ බවකි පවසන්නේ.

ඉතිහාසයේ ආසියානු මලල ක්‍රීඩා තරඟාවලියේ ඉහළ ම ජය ශ්‍රී ලංකාව වාර්තා කළේ පදක්කම් සටහනේ 4 වෙනියා වෙමින්. මෙවැනි අතහැර දැමූ සම්පත් යොදාගත්තේ මේ ප්‍රතිඵල වඩා හොඳ වෙනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles