ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන මස පළමු සතිය තුළ එළිදැක්වීමට නියමිතයි.
සිය ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කිරීමේ අවසන් කටයුතු මේ දිනවල සිදුවන බවයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
කෙසේ වෙතත් නාවලපිටිය ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක් වෙමින් සමෘද්ධි ව්‍යාපාරය ශක්තිමත් කරමින් එය ආරක්ෂා කිරීමට පියවර ගතයුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.
“සමෘද්ධි ව්‍යාපාරය ගැන මෙයාලා වැරදි මතයක් යවනවා. සමහර නායකයෝ හිතනවා අපේ හාමුදුරුවනේ සමෘද්ධි ව්‍යාපාරය අසාර්ථකයි කියලා. මේ රටේ ජනතාව දුප්පත්කමින් මුදවා ගත්තේ සමෘද්ධිය. අපි විශ්වාස කරනවා මේ රටේ සමෘද්ධි ව්‍යාපාරය අපි ආරක්ෂා කරන්න ඕනේ.”
“සමෘද්ධිලාභියාගේ දරුවා ගැන, තාක්ෂණය, කෘෂිකර්මාන්තය වෙන්න පුළුවන් ලෝකයේ රැකියා වෙළෙඳපොළ වෙන්න පුළුවන් ඒ රැකියා වෙළෙඳපොළට සරිලන රැකියාවක් හොයලා දිලා සමෘද්ධියෙන් ඔවුන්ව එළියට ගන්න ඕනේ. අපි සමෘද්ධි ව්‍යාපාරය ආරක්ෂා කරනවා විතරක් නෙමෙයි, සමෘද්ධිලාභියාව ව්‍යවසායකයෙක් බවට පත්කරන්න අවශ්‍ය ප්‍රතිපත්තිමය තීන්දු අපි ක්‍රියාත්මක කරනවා.”