කොල්ලුපිටිය ප්‍රසිද්ධ රාත්‍රි සමාජ ශාලාවකට පැමිණි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු ඉන් පිටත සැක සහිත ලෙස රැඳී සිටිය දී කොල්ලුපිටිය පොලිසිය විසින් පෙරේදා (30 වැනිදා) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා රාත්‍රි සමාජ ශාලවෙන් පිටත රැඳී සිටිය දී කොල්ලුපිටිය පොලිසියේ යැයි පැවසූ සිවිල් ඇඳුමෙන් පැමිණි කණ්ඩායමක් මොවුන්ව පරීක්ෂා කර තිබුණා.
එහි දී කොස්තාපල්වරුන් දෙදෙනා තමන්ද පොලිසියෙන් යැයි පවසා පොලිස් හැඳුනුම්පත ද පෙන්වා තිබෙන අතර එම අවස්ථාවේ වූ බහින්බස් වීමක් නිසා රාජකාරියට බාධා කළැයි මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි සඳහන් වන්නේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මිරිහාන පොලිසියට අනුයුක්තව රාජකාරි කරනු ලබන ආධුනික පොලිස් කොස්තාපල්වරයෙක් සහ අපරාධ වාර්තා කොට්ඨාසයට අනුයුක්තව සේවය කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ රියැදුරකු ලෙසද කටයුතු කරන පොලිස් කොස්තාපල්වරයෙක්.