දෙනෝදාහක් දෙනා බලා සිටියදී පොලිස් නිලධාරීන් දෙදෙනෙක්ට යකඩ පොල්ලකින් පහරදී බරපතළ තුවාළ සිදු කළ ත්‍රීරෝද රථ රියදුරෙකු ඇතුළු පස් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම පහරදීම පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි ක්‍රීඩාංගණය අසලදී සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
පහරදීමෙන් තුවාල ලද එම නිලධාරීන් දෙදෙනා පිළියන්දල දිසා රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මූලික ප්‍රතිකාර ලබා දී කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව බරපතල තත්ත්වයේ සිටි එක් කොස්තාපල්වරයකු කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.
පහරදුන් පොල්ල සහ ත්‍රීරෝද රථය ද අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය පවසනවා.