කෝටිපතියාගේ සල්ලිවලට විදින්න පොලිසිය කොල්ලකරුවන් එක්ක ගහපු ප්ලෑන මාට්ටු

මහනුවර පූර්ණවත්ත ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ නිවසේ තිබූ රුපියල් ලක්ෂ 80 ක මුදලකට ව්‍යාජ මුදල් නෝට්ටු දමා එම ව්‍යාපාරිකයා පොලීසියට හසුකර දී, මුදල් කොල්ලකෑමට උත්සාහ කළ බව කියන පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහනුවර මූලස්ථාන පොලීසියේ හදිසි ඇමතුම් අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ව්‍යාජ මුදල් තොගයක් අත්අඩංගුවට ගැනීමට යන බව පවසා රාජකාරී ගමනක් යොදාගෙන කොල්ලකරුවන් සමග එකතු වී කොල්ලය සිදු කිරීමට සැලසුම් කොට ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති බව මහනුවර පොලිසිය සඳහන් කරනවා.

ව්‍යාපාරිකයාගේ මුදල් නෝට්ටු සමඟ මාරු කිරීමට ගෙන ආ බව කියන රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු තොගයක්ද පොලිස් බාරයට ගෙන තිබෙනවා.

අදාළ කෝටිපති ව්‍යාපාරිකයා විසින් මෑතකදී කෝටි 8ක මුදලකට නිවසක් විකුණා ඇති බව දැනගැනීමත් සමඟ මෙම කොල්ලකරුවන් පිරිස විසින් එම මුදල් කොල්ලකෑමට සැලසුමක් දියත් කර තිබෙනවා.

පසුව ඔහු සතුව ඇත්තේ ලක්ෂ 80ක මුදලක් පමණක් බවව දැනගත් කොල්ල කල්ලිය එම මුදල කොල්ලකෑම සඳහා සැලසුම් කර ඇතැයි සඳහන්.

සැකකරුවන් කොල්ලකන ලද රුපියල් ලක්ෂ 60 කට ආසන්න මුදලක්ද පොලිසිය විසින් සොයාගෙන ඇති අතර ඔවුන්ව රැඳවුම් නියෝග මත තබාගෙන ප්‍රශ්න කරන බව වාර්තා වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles