හිටපු කම්කරු කොමසාරිස් ජනරාල්, වර්තමාන කම්කරු අමාත්‍යංශ ලේකම් ආර්.ඒ.පී. විමලවීර සහ තවත් හිටපු කම්කරු කොමසාරිස්වරයෙකුට එරෙහිව තම අධිකරණය හමුවේ පවතින නඩුව මින් ඉදිරියට තමන් නොකැඳවන බව හොරණ මහේස්ත්‍රාත්වරයා අධිකරණ සේවා කොමිෂන් සභාවට දැනුම් දී තිබෙනවා.
හොරණ ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක හදිසි අනතුරකින් පුද්ගලයන් පස් දෙනෙකු මිය යෑම සම්බන්ධයෙන් වන නඩුවකදී බලපෑම් කිරීමක් සම්බන්ධයෙන් මෙම කම්කරු කොමසාරිස්වරුන් දෙදෙනාට එරෙහිව නඩු පවරා තිබෙනවා.
කෙසේ වෙතත් දෙවන සැකකරු වන හිටපු කම්කරු කොමසාරිස් ජනරාල් ආර්.ඒ.පී. විමලවීර යන අය අත්අඩංගුවට ගන්නැයි පසුගිය ජූලි 24 වැනිදා අධිකරණය පොලිසියට නියෝග කළා. එම නියෝගය දින 7ක් ඇතුළත පොලිස්පතිවරයා මගින් ක්‍රියාත්මක කරන ලෙසද එම නියෝගයේ සඳහන්ව තිබුණා. එම නියෝගය පොලිසිය ක්‍රියාත්මක නොකළ නිසාත්, එම නඩු කටයුත්තෙන් ඉවත් වීමට නිදහස ඇති බව අධිකරණ සේවා කොමිෂන් සභාව තමන් වෙත දැනුම් දී තිබෙන නිසාත් මෙකී නඩුවෙන් ඉවත් වන බව මහේස්ත්‍රාත්වරයා අධිකරණ සේවා කොමිෂන් සභාවට ලිපියක් මගින් දන්වා තිබෙන බව වාර්තා වෙනවා.
මේ අතර පානදුර මහාධිකරණය විසින් ද වහාම හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාර වෙන ලෙසට කම්කරු අමාත්‍යංශ ලේකම්වරයාට අවවාද කළත් මේ දක්වා ඔහු අධිකරණයට භාර වී නෑ.