හොරුන්ට උදව් කළ පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම්

නාරම්මල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාගේ සහ එම අංශයේ තවත් උපපොලිස් පරීක්ෂකවරයෙකුගේ වැඩ තහනම් කිරීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා.

පසුගිය 30 දා රාත්‍රි සහ අලුයම නාරම්මල වෙළඳසැල් 7ක් හොරු බිඳ බඩු පැහැරගෙන ගොස් තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් කඩහිමියන් පොලිසියට පැමිණිලි කළද උක්ත නිලධාරියා පැමිණිලි 7න් සටහන් කරගෙන ඇත්තේ එක පැමිණිල්ලක් බව සඳහන් වෙනවා. එසේම නිලධාරීන් එම තැන්වලට පරීක්ෂණ කටයුතු සඳහා හෝ ගොස් නැති බවයි වාර්තා වන්නේ.

මේ බව පැමිණිලිකරුවන් ඉහළ බලධාරීන්ට දැනුම් දුන් පසු මම වැඩ තහනම් කිරීමේ තීරණය ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles