රාජකාරි කරමින් සිටි පොලිස් සැරයන් අභිරහස් ලෙස මරුට

අනුරාධපුර, රුවන්වැලි මහසෑය පොලිස් මුරපලේ රාජකාරී භාරව සිටි 55 හැවිරිදි පොලිස් සැරයන් වරයෙකු වෙඩි වැදී මියගොස් ඇතැයි පොලීසිය පවසනවා.

මියගොස් ඇත්තේ උඩමළුව පොලිසියේ රුවන්වැලි මහ සෑය උප පොලිස් ඒකකයට අනුයුක්තව සේවය කළ බුලංකුලම වත්ත, අනුරාධපුර යන ලිපිනයේ ජයතිලක(55)නැමති සැරයන්වරයෙක් බවයි සඳහන් වන්නේ.

මෙම සැරයන්වරයා මෙදින රුවන්වැලි සෑය පොලිස් මුරපොලේ රාජකාරි බාරව කටයුතු කරමින් සිටි බව පොලිසිය පවසනවා.

අද (11) අලුයම පහට පමණ මෙම සැරයන්වරයා පොලිස් මුරපලේ ලේ විලක් මැද වැටි සිටි බවයි පොලීසිය කියා සිටින්නේ.

මෙම මරණය දිවි නසා ගැනීමක් නිසා සිදු වූවක් ද වෙඩිතැබීමක් යන්න සම්බන්ධයෙන් උඩමළුව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles