“යුක්තියට” වැඩ කරන්න ගිය පොලිස් සැරයන් වෙඩි කා නසී : SI රෝහලේ

අද අලුයම එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් දෙමටගොඩ පොලිස් විශේෂ අපරාධ විමර්ශන කොට්ඨාසයේ සැරයන්වරයෙකු මිය ගොස් තවත් උප පොලිස් පරීක්ෂකවරයෙකු තුවාළ ලබා තිබෙනවා.

මේ සිදුවීම මාතර දිස්ත්‍රික්කයේ ජඹුරේගොඩ ප්‍රදේශයේ දී සිදු වූ බවයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

ලැබුණු තොරතුරක් අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායම වෑන් රථයකින් ජඹුරේගොඩට පැමිණ ඇති අතර ඒ අවස්ථාවේ කිසියම් පිරිසක් ඔවුන්ට වෙඩි තබා තිබෙනවා.

පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles