ගිරිඋල්ල පොලිසියේ රථවාහන අංශයේ රාජකාරි කරන පොලිස් සැරයන්වරුන් දෙදෙනකුට හොඳ හැටි පහරදී පිහි පහරද එල්ල කළ බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් ඒකකයක් සමත්ව තිබෙනවා.
ඔහු අත්අඩංගුවට ගන්නා විට ඔහු සතුව ජීවඅත්බෝම්බයක් ද තිබූ බවයි පොලිසිය පවසන්නේ. තුවාළ ලැබූ නිලධාරීන් දෙදෙනා දඹදෙණිය රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කළා.
රථවාහන රාජකාරියේ යෙදී සිටියදී පොලිස් අණ නොතකා ධාවනය කළ ත්රිරෝද රථයක් හඹා ගොස් ඔවුන් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේදී ත්රීරෝද රථයේ සිටි පිරිස දුරකතනයෙන් වෙනත් අයද ගෙන්වාගෙන පොලිසියට පහරදී තිබෙන බවයි දැනගැනීමට ඇත්තේ.