රන් කඩයක් කඩා කෝටි ගාණක් කොල්ල කෑ පොලිසියේ අය දැලේ

තංගල්ල ප්‍රදේශයේ මැණික් හා ස්වර්ණාභරණ ආයතනයක් බිඳ රුපියල් තුන්කෝටි හතළිස් හය ලක්ෂයක් වටිනා රන්බඩු, මැණික් සහ විදේශ මුදල් ළගතබා ගත් බව කියන නාරාහේන්පිට පොලිස් ස්ථානයට අනුයුක්ත කොස්තාපල්වරයකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව තංගල්ල පොලිසිය පවසනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නාරාහේන්පිට පොලිසියට අනුයුක්ත කොළඹ දකුණ III සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ රාජකාරී කරනු ලබන කොස්තාපල්වරයකු , කිරම බටගස්ස ප්‍ර දේශයේ පදිංචි පුද්ගලයකු සහ කිරම, වෙළෙදගොඩ ප්‍රදේශයේ පදිංචි හැවිරිදි පුද්ගලයකු බවයි සඳහන් වෙන්නේ.

සැකකරුවන් විසින් සොරාගන්නා ලද දේපොළ වලින් කොටසක් ද පොලිසිය සොයාගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles