පිටකොටුව බැස්ටියන් මාවතේ අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීමට පොලීසිය අද (18) එහි ගොස් ඇති බව සඳහන් වෙනවා.
මේ සඳහා පොලීසිය බැකෝ යන්ත්‍ර සහ ට්‍රැක්ටර් රථද උපයෝගී කර ගැනීමට සැලසුම් කර ඇති නමුත් ආණ්ඩුකාරවරයාගේ නියෝගය මත අදාළ පොලිස් කණ්ඩායම එය නවතා දැමූ බවයි වාර්තා වන්නේ.
බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ නියෝජිතයෙකුගේ විසින් කඩ ඉවත් කිරීම තාවකාලිකව නතර කරන ලෙස ඉල්ලා සිටි බව ද සඳහන් වෙනවා.
එහි සිටි පිරිස මේ සම්බන්ධයෙන් විරෝධය පළ කළ බවයි දැනගැනීමට ඇත්තේ.
“අරක්කු බෝතලයෙන් බද්ද එකතු කරගන්න බැරි නිලධාරීන් පාන් රාත්තලෙන් හාල් කිලෝ එකෙන් බදු ගෙවන ජනතාවගේ කඩ කෑල්ල ඉවත් කරන්න එනවා. ඇත්තටම කියන්න කනගාටුයි”
“මම ජීවත් වුණේ මෙතන. මට ඉන්න තැනක් නැහැ. ඔව් ඔව් දැන් පටවගෙන අරගෙන යනවා. අනේ මේවා අරගෙන යන්න එපා.”
ආදී වශයෙන් කියමින් ඔවුන් සිය විරෝධය පළ කරනු ලැබුවා.