සැමියා සහ අනියම් බිරිඳගේ ලිංගික දර්ශන පෙන්නා කප්පම් ඉල්ලූ පොලිස් බිරිඳ දැලේ

ලිංගික දර්ශන අන්තර්ජාලයට මුදාහරින බව පවසා කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ 50ක කප්පම් මුදලක් ඉල්ලූ අඹු සැමි යුවලක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අගතියට පත් කාන්තාව විසින් පොලීසියට සිදු කළ පැමිණිල්ලකට අනුව මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි පැවසෙන්නේ.

අත්අඩංගුවට පත් වූ පුද්ගලයා ඇමති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු වන අතර ඔහුගේ බිරිඳ විශ්‍රාමික පොලිස් කොස්තාපල්වරියක් බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

මෙම පොලිස් කොස්තාපල්වරයා විසින් කාන්තාවක් සමඟ අනියම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර අවස්ථා කිහිපයකදීම අදාළ කාන්තාව සමඟ ලිංගිකව හැසිරෙන දර්ශන ඔහු විසින් ජංගම දුරකතනයෙන් වීඩියෝ ගත කර තිබෙන බවයි පොලීසිය පවසන්නේ.

එම වීඩියෝ දර්ශන ඔහුගේ බිරිඳ විසින් දැක ඇති අතර ඇය අදාළ කාන්තාව හමුවී එම දර්ශන ඇයට පෙන්වා රුපියල් ලක්ෂ 50ක මුදලක් දෙන ලෙස තර්ජනය කර ඇති බව සඳහන්.

ඒ අනුව 49 හැවිරිදි අදාළ පොලිස් කොස්තාපල්වරයා සහ ඔහුගේ බිරිඳ වන 47 හැවිරිදි විශ්‍රාමික පොලිස් කොස්තාපල්වරිය සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles