අරගලයේ දේශපාලන සන්ධානය ඇරඹෙයි

ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් ජන අරගල සන්ධානය නමින් නව දේශපාලන ව්‍යාපාරයක් අද (19) ආරම්භ වුණා.

පසුගිය සමයේ අරගලයට සම්බන්ධ වූ සමාජ ක්‍රියාකාරීන්, ශිෂ්‍ය ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන් සහ දේශපාලන පක්ෂ මෙහි අඩංගු වෙනවා.

වෙනසක තාරුණ්‍යය ජාතික සංවිධායක ළහිරු වීරසේකර, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ, නීතිඥ නුවන් බෝපගේ, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ තරිඳු උඩුවරගෙදර, පෙරටුගාමී සමාජවාදී පක්ෂය, නවප්‍රජාතන්ත්‍රවාදී මාක්ස්-ලෙනින්වාදී පක්ෂය ඇතුළු පුද්ගලයන් සහ පක්ෂ කණ්ඩායම් ගණනාවක් ඊට අයත් බව සඳහන්.

මෙහිදී අදහස් දැක්වූ අවිශිබම හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ කියා සිටියේ ක්‍රමය වෙනස් කිරීම සඳහා පසුගිය සමයේ අරගලයක් ක්‍රියාත්මක වුවද එම අපේක්ෂාවන් ඉටු නොවූ බවයි. වත්මන් ජනපතිවරයා රට තවදුරටත් අර්බුදයට තල්ලු කළ බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

රටේ අනාගතය වෙනුවෙන් නව දේශපාලන ක්‍රමයක් හඳුන්වාදීමට මෙම නව දේශපාලන සන්ධානය ඇරඹූ බවයි එහිදී ප්‍රකාශ කෙරුණේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles