වත්මන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙත ලබා දී තිබූ දෙවැනි සේවා දිගුව අදින් (9) අවසන් වන බව පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග පවසනවා. තුන් වැනි සේවා දිගුවක් ඔහුටම ලබා දෙනු ඇතිද නැතහොත් නව පොලිස්පතිවරයෙක් පත් කෙරෙයිද යන්න තවමත් නිශ්චිත නැති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, සී.ඩී. වික්‍රමරත්න මෙරට 35 වැනි පොලිස්පතිවරයා වූවා. ඔහු පසුගිය කාලයේ සිය විශ්‍රාම කාලය සම්පූර්ණ කරනු ලැබුවා.
අද සිට ඒ අනුව පොලිස්පති ධුරය හිස් වනු ඇති.