පොලිස්පතිගේ තටු කැපීම ස්ථිරයි

පොලිස්පති ධුරයට ඉහළිින් පොලිස් කොමසාරිස් ධුරයක් ඇති කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති බව ඊයේ වන විට මාධ්‍ය වාර්තා කළා. මේ වන විට එම වාර්තා තහවුරු කරමින් රජයේ ආරංචි මාර්ග පවසන්නේ මෙම යෝජනාව ගැන අමාත්‍ය මණ්ඩලය නුදුරේදී දැනුවත් කෙරෙනු ඇති බවයි.

මෙකී නව ධුරය මගින් පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලන කටයුතු අධීක්ෂණය කෙරෙන අතර, එම ධුරය වගකියනු ලබන්නේ ජනාධිපතිවරයාට බව ද දැනගන්නට ඇත.

කෙසේ වෙතත්, මේ සඳහා පත් කරනු ලබන්නේ හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න බවද සැල වෙනවා. මාස තුනකට පොලිස්පති ධුරයේ වැඩ බැලීම සඳහා ජෙ.නි. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත් කළද එය ජනාධිපතිවරයාගේ කැමැත්තෙන් සිදු නොවූ බව දැනගන්නට තිබෙනවා.

මේ නිසා නව ධුරයක් හරහා පොලිස්පති ධුරය පාලනය කිරීමට අවධානය යොමු වී ඇති බවයි පැවසෙන්නේ. ඒ අතර වැඩබලන ධුරයට පත් වූ දේශබන්දු තෙන්නකෝන් ජෙ.නි. පොලිස්පතිවරයාගේ මාධ්‍ය සංදර්ශන කෙරෙහිද රජයේ ඉහළ අංශවල අවධානය යොමු වී ඇති බවත් දැනගන්නට ලැබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles