ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල නායකයින්ගේ සහභාගීත්වයෙන් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා තිබෙනවා.
මේ මස 26 වෙනි දා ජනාධිපති මන්දිරයේ දී මෙම හමුව පැවැත්වීමට නියමිතයි.
13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, ජාතික සංහිඳියාව ඇති කිරීම ඇතුළු කරුණු පිළිබඳව මෙහිදී අවධානය යොමු කිරීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
ඉන්දියානු සංචාරයෙන් පසුව සිදු වන බවට සඳහන් වුණු නව වෙනස්කම් මෙම හමුවේදී සාකච්ඡා කිරීමට නියමිත බවයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසන්නේ.