මෙරට ජනතාවට අලුතින් බදු පැනවීමක් සිදු නොකරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රකාශ කළ බව සඳහන් වෙනවා.
රාජ්‍ය ආදායම ඉහළ නැංවිමේ අරමුණින් ආදායම් උපයනු ලබන දෙපාර්තමේන්තුවල ආදායම් ඉලක්ක සපුරා ගැනීම කඩිනම් කිරීම සඳහා මුදල් අමාත්‍යංශයේ දී අදාළ ආයතන ප්‍රධානීන් සමඟ පැවති සාකච්ඡාවේ දී මේ බව සඳහන් කළ බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසන්නේ.
පවතින ක්‍රමවේදය පුළුල් කර ගැනීම සහ ආදායම් බදු නොගෙවන්නන්ගෙන් තවදුරටත් අය කර ගැනීම සිදු කළ යුතු බවයි ඔහු සඳහන් කරන්නේ.