මිය ගිය දෙමළ සටන්කාමීන් සහ ජනතාව සැමරීම උදෙසා උතුරේ පවත්වනු ලබන මහවිරු උත්සව නවතා දැමීමට ජනපති රනිල් වික්‍රමසිංහ විසින් පෞද්ගලික උපදෙස් ලබා දුන් බව අරුණ – පුවත්පතේ දෙමළ වෙබ් අඩවිය වන Thamilan වාර්තා කර ඇති බව දෙමළ මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.
අධිකරණ ඇමැති විජයාදාස රාජපක්ෂට සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වෙත ජනපතිවරයා මේ සම්බන්ධයෙන් ඍජු නියෝග දුන් බවයි පැවසෙන්නේ.
මෙම අනුස්මරණ උත්සව වටලා පාසල් සිසුවෙකු ඇතුළු කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ ක්‍රියාකරනු ලැබුවා.